Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th January 2022 19:19:22 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකය වෙතින් මුට්වාල් ප්‍රදේශයේ පිහිටි රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරේදී රණවිරු පවුල්වල සාමාජිකයින් වෙනුවෙත් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, වෛද්‍ය උපකරණ, ටැබ් පරිගණක යන්ත්‍ර සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ආචාර්ය හර්ෂිනී බෝතොට මහත්මියගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගී විය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

අපොස සා/පෙළ (2019) සහ අපොස උ/පෙළ (2019) විභාගයන් තුලින් ඉහළ ප්‍රතිඵල ලැබූ පාසල් සිසුන් දෙදෙනකුගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම වෙනුවෙන් දිරි දීමනා වශයෙන් මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් ශිෂ්‍යත්ව දෙකක් ද පිරිනමන ලදී.

සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන මූල්‍ය කළමණාකරන නිලධාරී අජන්ත ද වාස් ගුණසේකර මහතා විසින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දිවංගත කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දියණියකට ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබීය.