Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th March 2022 19:39:59 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් මහන මැෂින් පරිත්‍යාගයක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ඒකකය වෙතින් 6 (ආධාරක) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ අවශ්‍යතා සහිත රණවිරුවන් 6 දෙනෙකු වෙනුවෙන් මහන මැෂින් 6 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මාර්තු මස 09 දින මෝදර ප්‍රදේශයේ පිහිටි රොක් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

SLAC – SVU හි මුල්‍ය අනුග්‍රහය ඇතිව , ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ඒකකය වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ආචාර්ය හර්ෂනී බෝතොට මහත්මිය, එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික වසන්ති පතිරණ මහත්මිය, චමිලා විජේරත්න, ප්‍රතිලාභින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.