Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th March 2022 08:56:23 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජික සාමාජිකාවන් 70 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්තු මස 20 දින එම ශාඛාවේ 23 වන වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වීය.

වාර්ෂික සුහද හමුවේ ආරම්භය සනිටුහන් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා එම බලකායේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා තේමා ගීතය ගායනා කරන ලදී. ඉන් අනතුරුව, 2022 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කරගනු ලැබීය.

මෙහිදී, මනෝවෛද්‍ය එන්. කුමාරනායක විසින් ‘ගෘහස්ථ ගැටළු නිරාකරණය’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර මේජර් ඩිලාන් ධර්මරත්න විසින් ‘ආචාර විධි’ පිළිබඳව දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවේදී, රෙදි මැසීමේ කටයුතුවල නිරත සිටින රණවිරුවන්ගේ භාර්යාවන් වෙත නවීන රෙදි මහන යන්ත්‍ර තුනක් පරිත්‍යාග කෙරිණී.

මෙම රැස්වීමට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව කාර්යාල ගොඩනැගිල්ල එම බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ආචාර්ය හර්ෂණී බෝතොට මහත්මියගේ සුරතින් විවෘත කරනු ලැබීය. ප්‍රතිසංස්කරණය කරන ලද මෙම කාර්යාලය විශ්‍රාමික සහ සේවයේ නියුතු රණවිරුවන් හා සිවිල් සේවක මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ස්ථාපිත කරනු ලැබීය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරි නිවසන්යේ පැවති දිවා භෝජන සංග්‍රහයත් සමඟින් උත්සව කටයුතු සමාප්ත විය.