Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th September 2022 17:30:27 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකායේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සාමාජිකයන්ගේ පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ලෝක ළමා දිනයට සමගාමීව 2022 ඔක්තෝම්බර් මස 01 දින පැවැත්වූ මෙම පරිත්‍යාග වැඩසටහන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (ආචාර්ය) හර්ෂිනී බෝතොට මහත්මියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘Armour Ladies Club’ හි සාමාජිකාවන් විසින් මෙහිදී ශිෂ්‍යත්ව හතක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර, එහිදී රුපියල් 36,000/= සහ රුපියල් 60,000/= බැගින් වූ ශිෂ්‍යත්වයන් ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී පරිත්‍යාග කළ අනෙකුත් ශිෂ්‍යත්වයන් සඳහා එම සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මිය, ආචාර්ය (ඉංජිනේරු) හිමාලි නියංගොඩ මහත්මිය, සංජීවනී පීරිස් මහත්මිය, මොනිකා අමුණුගම මහත්මිය සහ විමලි රන්වල මහත්මිය ගේ අනුග්‍රාහකත්වය හිමිවිය.