Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th November 2022 21:13:46 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අභිමංසල -3 සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (ආචාර්ය) හර්ෂනී බෝතොට මහත්මිය ප්‍රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් 2022 ඔක්තෝබර් මස 22 දින අභිමංසල -3 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත පිරිස අභිමංසල - 3 සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සංචාරයේ නිරත පිරිස එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් 35 දෙනෙකුගේ සුවදුක් විමසා බැලීය. ඉන් අනතුරුව, ඔවුන් වෙත පාන වර්ග සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන සමාප්තියේ එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සියලුම රණවිරුවන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම වැඩසටහන 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.ටී. සුජිත් ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ඉන්දිකා බඹරදෙණිය මහත්මිය සහ දිස්ත්‍රික් 306 සී - 2 සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය හිමිවිය.