Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th August 2022 13:55:36 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සිවිල් සේවක මහත්වරුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

වර්ථමානයේ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්වරුන් 45 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් අගෝස්තු මස 01 දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමා වනසිංහ මහත්මිය ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.