Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd November 2022 11:51:26 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත දිවා ආහාර පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චාමා වනසිංහ මහත්මිය ඇතුළු එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් විසින් ඔක්තෝබර් මස 28 දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙත එම සේවා වනිතා ශාඛාවේ මූල්‍ය දායකත්වය මත දිවා ආහාර පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් ද මෙහිදී පැවැත්වීය.

එම රෝහල් බලධාරින් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් ලෝහ අල්මාරියක් ද එම විද්‍යායතනය වෙත පරිත්‍යාග කරනු ලැබීය.