Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th January 2023 13:25:03 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පනාගොඩ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදි පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 6) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු තුළ සේවයේ නියුතු තෝරාගත් සිවිල් සේවක මහතුන් පිරිසක් වෙත රුපියල් 3000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 102 ක් බෙදාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේදී ප්‍රතිලාභීන් 102 දෙනා අතරින් ප්‍රතිලාභීන් 30 දෙනෙකු වෙත සංකේතාත්මකව මෙම වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චාමා වනසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ සම්බන්ධීකරණය හා මුලපිරීම මත දානපතියෙකු විසින් ලබාදුන් රුපියල් 306,000.00 ක මූල්‍ය පරිත්‍යාගය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙක්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් ද සහභාගී වූහ.