Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st March 2023 11:36:27 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශාමිනි කොටුවේගොඩ ප්‍රමුඛ එම ශාඛාවේ සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා (23) දින රාගම ප්‍රදේශයේ පිහිටි රණවිරු සෙවන සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝද පුටුවක් භාවිතා කරනු ලබන රණවිරුවෙකු බුලත් අතක් පිළිගන්වමින් පිළිගනු ලැබීය.

සංචාරයේ නිරත පිරිස එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ඔවුන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදීමෙන් අනතුරුව එම රණවිරුවන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.