Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th April 2023 16:06:00 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිවිල් සේවක මහත්වරුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති වාර්ෂික මහසභා රැස්වීමට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 6) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු තුළ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චාමා වනසිංහ මහත්මිය සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එක්ව සිටියහ.