Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th February 2023 09:38:12 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (ආචාර්ය) හර්ෂනී බෝතොට මහත්මිය සමඟින් එම බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ඇතුළු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් කිහිපදෙනෙකු පසුගිය සෙනසුරාදා (28) දින මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

සංචාරයේ නිරත පිරිස වාට්ටු වෙත ගොස් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළහ. මෙම අවස්ථාවේදී මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ ප්‍රයෝජනය වෙනුවෙන් අඟල් 32 LED රූපවාහිනි යන්ත්‍රයක් ද පරිත්‍යාග කෙරිණි. සංචාරය සමාප්තියේ සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.