Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd June 2023 13:14:49 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී (ආචාර්ය) හර්ෂිණී බෝතොට මහත්මිය පසුගිය සඳුදා (මැයි මස 22) දින බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දිවංගත රෝහක සෙබල ආර්.ඒ. ඉන්ද්‍රකුමාර ගේ නිවෙස වෙත ගොස් එම වීරෝදාර රණවිරුවාගේ භාර්යාව වෙත මහන මැෂිමක් පරිත්‍යාග කරනු ලැබීය.

එම පවුලේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන්. බොතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (ආචාර්ය) හර්ෂිනී බෝතොට මහත්මිය, එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (භකාස) ලුතිනන් කර්නල් ඒ.එම්.ඒ.ජී.බී. උබේසේකර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී කපිතන් පී.එස්.එච්. මුතුකුමාරණ එක්ව සිටියහ.