Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th January 2023 20:40:48 Hours

කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවශ්‍යතා සහිත දියණියක් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවශ්‍යතා සහිත දියණියක් වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (ජනවාරි මස 11) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මොළයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබමින් සිටින මෙම දියණියගේ අවශ්‍යතාවයන් සපුරාගැනීම වෙනුවෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මිය විසින් එම දියණිය වෙත රෝද පුටුවක් සමඟින් ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීමට රුපියල් 20000.00 ක මුදල් තැන්පතුවක් ද ඇය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.