Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th July 2023 09:38:14 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්වේ

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම ඒකකයේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගනේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

උත්සවය ආරම්භ කරමින් සේවා වනිතා ගීතය ගායනා කර මානූෂිය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව පසුගිය වර්ෂයේ අයවැය වාර්තාව සභාව වෙත ඉදිරිපත්කරන ලදී.

වාර්ෂික මහා සභා රැස්වීමේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද සහ ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ සුබසාධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මහා සභා රැස්වීම අතරතුරදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණුව ලත් සුනඛයින් විසින් සුනඛ සංදර්ශනයක් ද පවත්වන ලද අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් රූපලාවන්‍ය වැඩසටහනක්ද පැවැත්වීය.