Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th June 2023 20:44:41 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මහනුවර ‘සව් දන්සැලක්’ පවත්වයි

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නාලිනී රත්නායක මහත්මියගේ උපදෙස් මත එම ඒකකයේ සාමාජිකාවනගේ සංවිධානයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය අසල සව් දන්සැලක් පවත්වනු ලැබීය.

මෙම ‘සව් දන්සැලක්’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී හා ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා (ජුනි මස 3) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.