Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th June 2023 11:04:32 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික මහසභා රැස්වීම 2023 මැයි මස 20 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.

මහසභා රැස්වීමේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නාලනී රත්නායක මහත්මිය, විධායක කමිටු සාමාජිකාවන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වූහ. අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

සභාව ආමන්ත්‍රණය කළ එම ශාඛාවේ සභාපතිතුමිය සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ දැක්ම සහ අරමුණු පිළිබඳ සිහිපත් කරමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් සවිබල ගන්වමින් සෙබළුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය නඟා සිටුවීමට මෙම ශාඛාවේ සාමාජිකයින් එක්විය යුතු බව ද එහිදී සිහිපත් කළාය. රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම්තුමිය විසින් ස්තූති කථාව සිදුකළාය.