Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st June 2023 21:29:50 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල විචිත්‍රවත් අයුරින් පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන පනාගොඩ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය අඟහරුවාදා (ජූනි මස 20) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ‘කැලෑව’ තේමාව ඔස්සේ පැවැත්විණි.

උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගි වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා දරු දැරියන් විසින් මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

රීඩා උළෙලේදී කුඩා දරුවන් ළමා ක්‍රීඩා වලට සහභාගී වී සිය දක්‍ෂතා එළි‍දැක්වූහ.

ක්‍රීඩා උළෙල අතරතුර දරුවන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් වෙනුවෙන් විශේෂ ක්‍රීඩා ඉසව් කිහිපයක් ද සංවිධානය කර තිබිණි. විනෝදාත්මක අංගයන් සහ තූර්ය වාදන සංදර්ශනය මෙම උත්සවය වර්ණවත් කරනු ලැබූ අතර උත්සවය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ගේ සුරතින් කුඩා ළමුන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, පෙරපාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ කුඩා ළමුන් සම්බන්ධ වූහ.