Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th June 2023 21:35:10 Hours

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පවත්වයි

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ ළමුන්ගේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (14) දින ගාල්ල 14 වන ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එම අවස්ථාවට සපැමිණි එතුමිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දරුවන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධ ළමා ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් පැවැත් වූ අතර, උත්සවය අතරතුර දරු දැරියන්ගේ සරඹ සංදර්ශනක්ද පැවැත්විණි.

ක්‍රීඩා උළෙල අතරතුර එම දරු දැරියන්ගේ දෙමාපියන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් ද පැවැත්විණි. උත්සවය විනෝදාස්වාදයෙන් පිරුණු ක්‍රීඩාවලින් සහ සමන්විත වූ අතර, ජානකී ලියනගේ මහත්මිය විසින් ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වූ දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.

ක්‍රීඩා උත්සවය සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන් මහවිතාන, එම ඒකකයේ කාර්යය මණ්ඩල නිලධාරීන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් සහභාගී වූහ.