Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th June 2023 22:09:34 Hours

මැනිං ටවුන් ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය බදාදා (28) දින එම පෙර පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර, එහිදී ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා සහ සෞන්දර්ය කුසලතා එළිදැක්වූහ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ. එහිදී, දරු දැරියන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත මල් කළඹක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධ ළමා ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් එහිදී පැවැත් වූහ.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් සහ මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසල භාරව කටයුතු කරනු ලබන ප්‍රශාන්ති චන්ද්‍රසේන යන මහත්මීන්, දෙවන ස්ථානභාර නිළධාරිනී ඇතුළුව දරු දැරියන්ගේ මවුපියන් සහ පෙර පාසලේ ගුරුවරුන් එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී.

විනෝදාස්වාදයෙන් පිරිගිය එම ක්‍රීඩා උත්සවය අතරතුර දරු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සරඹ සහ තූර්ය වාදන සංදර්ශනය මගින් උත්සවය තවත් අලංකාරවත් වූහ. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ජානකී ලියනගේ මහත්මිය විසින් ක්‍රීඩා තරඟ සඳහා සහභාගි වූ දරු දැරියන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී.

ක්‍රීඩා උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්, පෙර පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සහ දරු දැරියන් සම්බන්ධ වූහ.