Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd March 2023 08:16:16 Hours

මැනිං ටවුන් පිහිටි ‘විරු කැකුළු’ පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දන්ත වෛද්‍ය සායනයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් මැනිං ටවුන්හි පවත්වාගෙන යනු ලබන ලබන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම සමඟ එක්ව ජංගම දන්ත වෛද්‍ය සායනයක් පෙබරවාරි 28 (අඟහරුවාදා) දින පවත්වනු ලැබීය.

‘සුදන්ත සමඟ විරු කැකුළු මුවහසරැලි’ ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, ලින්ක් නැචුරල් පුද්ගලික සමාගමේ නියෝජිතයින් සහ ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

ජංගම දන්ත වෛද්‍ය සායනයේදී මුඛ සෞඛ්‍යය, දන්ත සෞඛ්‍ය ප්‍රතිකාරයන් ලබාදීමට ළමුන් 150 දෙනෙකු පරීක්‍ෂා කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් පසු චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන දල්වා වැඩසටහනේ කටයුතු ආරම්භ කරන ලදී.

සායනය ආරම්භ කිරීමට පෙර දන්ත වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සකුන්තලා ගුණවඩන මහත්මිය විසින් ‘මුඛ සෞඛ්‍යය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වමින් මෙම පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන ලදී.

අනතුරුව, ලින්ක් නැචුරල් පුද්ගලික සමාගමෙහි හි නියෝජිත පිරිස විසින් පෙරපාසලේ ළමුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, අධ්‍යාපනික උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ඇසුරුම් බෙදා දෙනු ලැබීය.

වෛද්‍ය සායනය අවසානයේ ජානකී ලියනගේ මැතිණිය විසින් ලින්ක් නැචුරල් පුද්ගලික සමාගමෙහි දේශක සහ නියෝජිතයින් වෙත සංකේතාත්මක සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් නලින්ද්‍ර මහාවිතාරණ, ලින්ක් නැචුරල් පුද්ගලික සමාගමෙහි හි අලෙවි අධ්‍යක්‍ෂ නිශාන්ත පරණගම මහතා, එම සමගමෙහි නියෝජිත නිලධාරීන්, යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී තුෂාරි වාසනා වනිගසේකර, ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රශාන්ති චන්ද්‍රසේන, දියතලාව ‘විරු කැකුළු’ පෙරපාසලෙහි ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරිනී උදේනි ජයරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.