Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th June 2023 20:20:52 Hours

ලෝක පියවරුන්ගේ දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ප්‍රජා සත්කාරයක වැඩසටහනක්

ලෝක පියවරුන්ගේ දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ප්‍රමුඛ සේවා වනිතා සාමාජිකයින් පසුගිය ඉරිදා (ජුනි මස 18) දින බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ගොස් එහි නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සංගීතාස්වාදය ලබාදුන්හ.

මෙම වැඩසටහන සමාප්තියේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත ත්‍යාග පාර්සල් තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය පරිත්‍යාග කළාය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාණ, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.