Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

නිවාස සහ වෛද්‍ය ආධාර ව්‍යාපෘතිය


ඉහත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලැබුවේ යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත්වූ වීරෝධාර රණවිරුවන්ට, ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම දැනට සක්‍රීය සේවයේ නියුතු නිලධාරීන්ට සහ සෙසුනිලයන්ට, සිවිල් සේවකයන්ට ජීවත්වීම සඳහා තමන්ගේම නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන්, ඉඩම් කට්ටි ලබාදීම ඇතුලු සියලු ආකාරයේ ආධාර ලබාදීම වෙනුවෙනි. මෙයට අමතරව නව නිවාස ඉදිකිරීම්, ඉදිකිරීමට නියමිත නානකාමර සහ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල වැඩකටයුතු නිම කිරීම මෙන්ම එම නිවාසයන්ට අත්‍යවශ්‍ය ගෘහභාණ්ඩ, ඇතුලු අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීමද යුද්ධ හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන් මගින් සිදුකරනු ලබයි.

එසේම, මෙම ව්‍යාපෘතිය මඟින් ආබාධිත රණවිරුවන් නේවාසිකව වෙසෙන සුවතා නිකේතනවලට හෝ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් රෝද පුටු, කිහිලිකරු, සුදු සැරයටි සහ වෙනත් වෛද්‍ය උපකරණ ලබාදීම ඇතුලු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකරනු ලබයි. මීට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින හෝ දරු ප්‍රසූතියෙන් පසු තුන් නිවුන් හෝ නිවුන් දරුවන් ලැබූ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ඇතුලු ඔවුන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම වෙනුවෙන් අවශ්‍ය උපකාර සහ ආධාර ලබාදෙයි.

තවද, හදිසි ශල්‍යකර්ම, ස්වාභාවික විපත් සහ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා අධ්‍යාපනික සහය ලබාදීම සහ ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කරගැනීම වෙනුවෙන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට මානුෂීය පරිත්‍යාගයන් මෙන්ම ඔවුන්ගේ වෛද්‍ය අවශ්‍යතාවයන් ද ඉටුකරනු ලබයි.

මීට අමතරව, අදාළ රෙජිමේන්තුවල මැදිහත්වීමෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර උද්ගත වන පුද්ගලික ගැටළු විසඳීම සඳහා මූල්‍ය ආධාර සහ අවශ්‍ය උපදේශන ද ලබා දේ.