Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

සේවා වනිතා සභාපතිනිය


ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය
සේවා වනිතා ඒකකයේ සභාපතිනිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කිරීමෙන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 17 වන සභාපතිනි ලෙස ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 07 දින ධූරයේ රාජකාරි භාරගත්තාය.

සුමනතිස්ස සමරසිංහ දිසානායක මහතා සහ ප්‍රියානි වනසිංහ මහත්මියගේ දියණියන් තිදෙනාගෙන් එක් දියණියකු වන ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ අභිමානවත් ආදි ශිෂ්‍යාවකි.

මීට ප්‍රථම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ එතුමිය එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, දැනුම වැඩි දියුණු කිරීම මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන්, සිවිල් සේවක කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අරමුණු කරගනිමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළාය.

සේවාවනිතා සාමාජිකාවන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතිව වෛද්‍ය ආධාර සහ නිවාස පරිත්‍යාග වැඩසටහන්ද ක්‍රියාත්මක කළාය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ලෙස,ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය කාලතුවක්කු හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහල නංවාලීම සඳහා නව ආදායම් මාර්ග සහ සුභසාධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට ද එතුමිය නායකත්වය ලබාදුන්නාය.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආර්ථික සුභසාධනය සහ පුද්ගල ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමේ වගකීම පෙන්වා දුන් ඇය රැකියාව සහ පවුල් ජීවිතය සමතුලිත සමබරව පවත්වා ගනිමින් කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය.

එමෙන්ම උපදේශන සහ වැඩසටහන් තුලින් රාජකාරින් සහ පුද්ගලික ජිවිතය සමතුලිතව පවත්වාගැනීම පිළිබදවද දැනුවත් කිරීම එතුමිය විසින් සිදු කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන්, සිය අත්දැකීම් උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම තවදුරටත් වැඩිදියුණු කිරීමට ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය කැපවීමෙන් කටයුතු කරන අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදා සාමාජිකයන්ට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා සහයෝගය ලබා දීම ඇයගේ දැක්ම වේ.