Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

මුල් පුවත

  • එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදී දිවිපිදු රණවිරුවාගේ නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අලුත්වැඩියා කරදෙයි

    25th April 2019 16:21:31 Hours

    මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින්හි නියැලී සිටියදී තමන් පැදවූ සන්නද්ධ රථය ත්‍රස්ථවාදීන් විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවීමෙන් දිවි පිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් සැරයන් විජේකුමාර එස්එස් රණවිරුවාගේ අඩක් නිම කර තිබූ නිවසෙහි සියළු වැඩ කටයුතු සම්පූර් කර එම පවුලේ සාමාජිකයන් සදහා භාරදීමේ චාම් උත්සවයක් 2019.04.20 දින සිදු කරන ලදි.

  • රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හත්වන රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යාම

    30th March 2018 15:05:29 Hours

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හත්වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි කල මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩිසි පීඑස්සී සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය 2018.03.17 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හේරත් එච්එම්යු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.එස් බාලචන්ද්‍ර ආර්එස්පී විසින් රෙජිමේන්තු අධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන එතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලදී.