Header

Sri Lanka Electrical
and Mechanical Engineers

Skill To Battle

27th April 2023 20:38:49 Hours

විශේෂ අවශ්‍යතා පවතින අයවළුන් වෙත අත්‍යාවශ්‍යව පැවති රෝද පුටු පරිත්‍යාග කිරීම

විශේෂ අවශ්‍යතා පවතින අයවළුන් වෙත අත්‍යාවශ්‍යව පැවති රෝද පුටු පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණී නන්දනී සමරකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව ශ්‍රීලවියාඉබ සාමාජිකයින්ගේ පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා පවතින අයවළුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම පිළිබඳ සොයාබලා කටයුතු කිරීම වෙනුවෙන් සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

අදාල වැඩසටහනට සමගාමීව බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම බලකාය යටතේ රාජකාරි නියුතුව සිටි නි/62387 කපිතන් ආර්එම් රත්නපාල ශ්‍රීලවියාඉබ යන විශ්‍රාමික නිලධාරී හට අත්‍යාවශ්‍යව පැවති රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට 2023.03.17 වන දින කටයුතු කරන ලදී.

තවද අංශභාග රෝගයට ගොදුරුවී ඇවීදීමට නොහැකිව දීර්ඝ කාලයක සිට එක්තැන්ව සිටි ශ්‍රීලවියාඉබ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත අනුයුක්තව රාජකාරි නියුතු සෙ/630392 කෝප්‍රල් නන්දසිරි ඩීඑච්යූ යන කොනොනිගේ මෑණියන් වෙත ද අත්‍යාවශ්‍යව පැවති රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2023.03.27 වන දින සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවේ ගරු සභාපතිණී නන්දනී සමරකෝන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීලවියාඉබ කඳවුරු පරීශ්‍රයේදී සිදු කරන ලදී.