Header Sinhala

සංඥා රණසේවා අංශය

අප ගැන

හැදින්වීම

යුධ හමුදාපති තුමාගේ මග පෙන්වීම යටතේ සියලුම යුධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන් තුල රණසේවා අංශයක් පිහිටුවීමට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව එහි ක්‍රියාකාරිත්වය විධිමත්ව පවත්වාගෙන යාම සදහා ශ්‍රී ලංකා සංඥා බලකාය විසින්ද 2020 සැප්තැම්බර් මස සංඥා රණසේවා අංශය ආරම්භ කරන ලදි. මෙම අංශය වෙතින් සියලුම විශ්‍රාමික නිලධාරී/ සෙසුනිලයින් සබැදිව සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ආබාධිතව විශ්‍රාම ගොස් ඇති නිලධාරී/සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු හා මියගිය/අතුරුදන් අයවලුන්ගේ ළගම ඥාතීන් සම්බන්ධව යුද හමුදාව වෙතින් පිරිනමනු ලබන සියලු සුභසාධන කටයුතු සම්බන්ධීකරණ කරනු ලබයි. එමෙන්ම රණක්‍ෂිතයට පත් වූ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ ළගම ඥාතීන්ගේ සුභසාධන කටයුතු සිදුකිරීම හා විශ්‍රාම යාමට නියමිත නිලධාරී/සෙසුනිලයින්ගේ ඉදිරි අභිවෘද්ධීය සදහා වන පාඨමාලා සහ අනෙකුත් සුභසාධන කටයුතු සිදුකිරීමද මෙම අංශයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි.

මෙම කටයුතු සම්බන්ධීකරණයේදී නිරන්තරයෙන් රණවිරුසේවාඅම, පුනඅම, පිපඅම, වැහාලේඅම හා පුහුණුඅම යන අධ්‍යක්ෂක මණ්ඩල වල විශේෂ අනුග්‍රහයෙන් හා උපදෙස් ප්‍රකාරව සිදුකරනු ලබන බවද විශේෂයෙන්ම සිහිපත් කල යුතුවේ.

වගකීම

ක්‍රීයාන්විතයේදි මිය ගිය රණවිරුවන්ගේ ලඟම ඥාතින්ගේ හා අාබාධිත රණවිරුවන්ගේ ජීවින තත්වය නගාසිටුවිම වෙනුවෙන් විවිධ සුභසාධන කටයුතු සිදුකිරීම සංඥා රණසේවා අංශයහි මුලික වගකීම වේ.

කාර්යභාරය හා කාර්යය

සංඥා රණසේවා අංශයේ මුලික වගකීම වනුයේ ක්‍රීයාන්විත හේතුන් මත මිය ගිය රණවිරුවන්ගේ ඥාතින්ගේ හා ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිලිබඳව සොයාබැලිම සහ ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවිම.

කාර්යය

    (රණසේවා අම සම්බන්ධතාවයෙන් පහත සදහන් අවශ්‍යතාවයන් ඉටුකර දීම.)

  • රණවිරුවන් සඳහා ඉඩම් ලබාදීම.
  • රණවිරු ගම්මාන පරිපාලන කටයුතු සිදුකිරීම.
  • නිවාස ඉදිකර ගැනීම සඳහා මුල්‍යමය ආධාර ලබාදිම.
  • බස් ගමන් බලපත් හා දුම්රිය ගමන් බලපත් නිකුත් කිරීම.
  • මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දීම.
  • අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියේ අයදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
  • රණවිරුවන් හට රු. 750,000.00ක වටිනාකමකින් යුතු ගොඩනැගිලි ද්‍රව්‍ය ආධාර ලබාදිමේ වයාපෘතියෙහි අයදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
  • සේවා මුක්ත භඨ සංගම් සුභසාධක කටයුතු ඉටු කර දීම සඳහා සම්බන්දිකරණ කටයුතු සිදුකිරීම
  • විරුසර කාඩ්පත් සඳහා නිර්දේශ ලබාදීම.