Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

05th December 2025 15:30:09 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන සංවත්සරය අතිඋත්කර්ශවත් ලෙස සමරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තුව සිය 28 වැනි සංවත්සරය 2025 නොවැම්බර් මස 17 වැනි දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සමරන ලදී. 2025 නොවැම්බර් මස 15 වන දින ගංගාරාම විහාරස්ථානයේදි පැවති බෝධි පුජාව සිදුකොට රෙජිමේන්තු ධජයට හා භඨපිරිස් වෙත ආශිර්වාද ලබා ගන්නා ලදී. සංවත්සර දිනයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් කඳවුරු මුරයකින් පිළිගැනීමෙන් පසු මියගිය වීරවරියන් වෙත පුෂ්පෝපහාර දැක්විය. ඉන්පසු කර්නල් සේනාවිධායක තුමා හට සම්මාන මුරය පිරිනමන ලදී.

සම්මාන මුරයෙන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් සියළු නිලයින් ඇමතීමෙන් පසු සමුහ ඡායාරූපය සඳහා පෙනී සිටින ලදී. ඉන් අනතුරුව සියළු නිලයින්ගේ සහභාගිත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහය භුක්ති විදීමෙන් පසු උත්සව මාලාව අවසන් විය.