02nd December 2025 15:45:02 Hours
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2025 නොවැම්බර් 23 වන දින සිංහ සල්සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා සානුකම්පිත පරිත්‍යාග වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සචේතා හේවගේ මහත්මියගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ මෙම මුලපිරීම සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව සඳහා කැපවූ නිලධාරිනියන් සහ අනෙකුත් නිලයන් ඇතුළත් කණ්ඩායමක් සිංහ සල්සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිටින ගැහැණු ළමයින්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සහ විශේෂ අවශ්‍යතා සැපයුම් නොමසුරුව ප්‍රදානය කළහ. දරුවන්ගේ අධ්‍යාපනය, යහපැවැත්ම සහ එදිනෙදා සුවපහසුව සඳහා සහාය වීම ඔවුන්ගේ අරමුණ විය.
පරිත්‍යාග වලට අමතරව, එම මධ්‍යස්ථානයේ සිටින ගැහැණු දරුවන්සඳහා රසවත් දිවා ආහාරයක් පැවැත්වූ අතර තවද, ආකර්ෂණීය විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.
අවශ්‍යතා ඇති පුද්ගලයින් නඟා සිටුවීම සහ බලගැන්වීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නොසැලෙන කැපවීම මෙම මුලපිරීම තුළින් පිළිබිඹු වේ. අඛණ්ඩ සේවා ක්‍රියාවන් තුළින්, දිවයින පුරා සිටින දරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කිරීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව කැපවී සිටී.