10th November 2025 14:59:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 නොවැම්බර් මස 04 වන දින පවත්වන ලදි. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය ජයග්රහණයන් සඳහා ඉවහල් වන පෞද්ගලික කාර්යක්ෂමතාවය/ නිපුණතා ප්‍රගුණ කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරන ලදී. මෙම විශේෂ පුහුණු වැඩසටහන සුවිශේෂි දේශනයකින් සමන්විත වු අතර “ආතති කළමණාකරනය , වැඩකිරීමේ සමතුලිතතාවය’’යන මාතෘකාව යටතේ ආරාධිත දේශකයකු වු වෛද්‍ය කේආර්එන් හර්ෂණි යන මහත්මියගේ සිත්ගන්නා සුලු දේශනයක් පවත්වන ලදී. ඉන් අනතුරුව නිලධාරිණි පුහුණූ දිනය සඳහා සහභාගී වු සියළු නිලධාරිණියන් විසින් සන්ධ්‍යා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමා කරන ලදි.