Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th October 2025 15:32:16 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 ලෝක ළමා දිනය සමරයි.

2025 ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් මස 04 වන දින ආරක්‍ෂක සේවා පාසල් ශ්‍රවණාගාරය කොළඹදී විචිත්‍රවත් සහ අර්ථවත් වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර, මෙම වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිණී සචේතා හේවගේ මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි සේවයේ නියුතු නිලධාරීන් / සෙබළියන් හා සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආදරණීය දරුවන් 75 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලදී.

මෙම වැඩසටහනයෙහි කැපීපෙනෙන සිදුවීමක් වුයේ දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවය දියුණු කිරීම සඳහා වසන්ත මොරගොඩ මහතා සහ ඔවුන්ගේ කණ්ඩායම වන ‘ACT IMPACT’ ආයතනය විසින් මෙහෙවන ලද ‘ළමා මානසික එකාග්‍රතාවය වැඩි දියුණු කිරීම’ යන තේමාව යටතේ අන්තර් ක්‍රියාකාරී ආස්වාදජනක දේශනයයි.

සෑම දරුවෙකු හටම විශේෂ ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සෑම දරුවෙකුටම විනෝදාස්වාදය සහ දෙමාපියන් හට වටිනා දේශණයක් ඔස්සේ අවබෝධයක් ලබා දුන් අතර දෙමාපියන් දරුවන් කෙරෙහි ඇති කරගතයුතු හැඟිම් හා අවබෝධයන් ඉහළ නැංවීම එහිදී සිදුවිය.