13th June 2025 21:39:14 Hours
“ප්ලාස්ටික් භාවිතය නවතමු” යන ගෝලීය තේමාව ඔස්සේ 2025 ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දිනය සැමරීම සනිටුහන් කරමින් හා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින්, මූලස්ථානය - 1 ශ්‍රීලයුකාබ බොරැල්ල සහ කළුඅග්ගල අනුකණ්ඩය රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණ සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.