22nd May 2025 19:03:17 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයන්ගේ රැස්වීමක් 2025 මැයි මස 20 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාකච්ඡා ශාලාවේදී පැවැත්විණි .
සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන සචේතා හේවගේ මැතිණිය විසින් මෙම මන්ත්‍රනය මෙහෙය වු අතර ඒ සඳහා සියළුම කමිටු සාමාජිකයන් සහභාගී වන ලද අතර සියළුම ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකකයන් හි අණදෙන නිළධාරීවරුන්ද සහභාගී වුහ .
මෙහිදී මෙම වසරේ ඉදිරියේදී සිදු කිරිමට නියමිත වැඩසටහන් හා සැලසුම් පිළිබඳව සාකච්ඡා කල අතර සේවා වනිතා වැඩසටහන් පැවැත්වීමේ දී අවදානය යොමුකල යුතු සහ සැලකිලීමත් විය යුතු අංශ පිළිබඳව සහ සිසු නිළ සුභ සාධනය පිළිබඳව සාකච්ඡා කරන ලදි .