Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st May 2025 22:24:58 Hours

රෙජිමේන්තු කර්නල් සේනාවිධායක විසින් අණදෙන නිළධාරීන් සඳහා පවත්වන ලද සාකච්ඡාව

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් විසින් 2025 මැයි මස 20 වනදින බලකායෙහි අණදෙණ නිළධාරීන් සඳහා සාකච්ඡාවක් පවත්වන ලදී. ඒකකයන්හි පාලන ගැටලු සුභසාධන අවශ්‍යතා හා පුහුණුවීම් පිළිබඳ සාකච්ඡා කිරීම හා විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේහි මූලික අරමුණ විය. එමෙන්ම බළකායෙහි නිලධාරීන්ගේ හා සෙබළියන්ගේ ගුණාත්මකභාවයන් නගාසිටුවීම වෙනුවෙන් කරුණු එහිදි සාකච්ඡා කරන ලදී. රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, බළකායෙහි අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් මාණ්ඩලික නිලධාරීන්ද ඒ සඳහා සහභාගී වන ලදී.