19th May 2025 11:11:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 2025 මැයි මස 12 වන වෙසක් පොහොය දින සවස 0500ට පොල් රොටි සහ ඉඟුරු තේ දන්සලක් රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල ඉදිරිපිට දි සාර්ථකව සංවිධානය කරන ලදි. එම දන්සල සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සචේතා හේවගේ මැතිනියගේ නායකත්වය හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළු නිලයන්ගේ මුලික සංවිධාන ශක්තිය, අනුග්‍රාහකත්වය සහ දායකත්වය යටතේ මෙම දන්සල පවත්වන ලදි.
මෙම දන්සල ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුන අතර රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 ශ්‍රිලයුකාබ සියලු නිලයන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.