Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th May 2025 09:17:57 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක විසින් කළුඅග්ගල අනුඛණ්ඩයෙහි නිරීක්ෂණ සංචාරයක ‍යෙදෙන ලදී

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායෙහි කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් 2025 මැයි මස 06 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් කළුඅග්ගල අනුඛණ්ඩයෙහි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදී. භඨපිරිස්හි පාලන කටයුතු සහ සුභසාධන අවශ්‍යතා සොයාබැලීම සංචාරයෙහි මුලික අරමුණ වන ලදී. නිරීක්ෂණ සංචාරය අතරතුරදී රෙජිමේන්තු කර්නල් සේනාවිධායක විසින් භඨපිරිස් ඇමතීමක් සිදුකරන ලදී.