26th March 2025 21:15:15 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි නිළධාරි පුහුණු දිනය 2025 මාර්තු මස 21 වන දින පවත්වන ලදි. බළකායෙහි නිළධාරිණියන්ගේ වෘත්තීය දැනුම සංවර්ධනය කිරීමෙහි අරමුණින් පුහුණූ දිනය සංවිධානය කරත්වු අතර, මෙම විශේෂ පුහුණූ වැඩසටහන සුවිශේෂි දේශන දෙකකින් සමන්විත වන ලද අතර “යුද්ධ හමුදා විනය හා පැවැත්ම’’යන මාතෘකාව යටතේ මේජර් කේටී රන්දික යුඑස්පි එල්එස්සි යන උපඅනි 1 ශ්‍රිලයුපොහේබ ජ්‍යෙෂ්ඨ නිළධාරී දේශනයක් පවත්වන ලද අතර ආරාධිත දේශකයකු වු ආචාර්ය ලසන්ත කාරියප්පෙරුම මහතා විසින් “සමෘද්ධිමත් නිවසක් සොදුරු පවුලක්”යන මාතෘකාව යටතේ සිත්ගන්නා සුලු දේශණයක් පවත්වන ලද අතර ඒ අවස්ථාවෙහි අලංකාරවත් තේ මේසයක් රසවිදීමෙන් අනතුරුව වැඩසටහන නිමා කරන ලදි.