11th March 2025 15:02:21 Hours
ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් විශේෂ වැඩසටහන් මාලාවක් 2025 මාර්තු මස 11 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ල හිදී පවත්වන ලදී. එම වැසටහන සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳව දේශණයක් සහ පිළිකා වළක්වා ගැනීම යන තේමාවන් යටතේ සුවිශේෂි දේශන දෙකක් පවත්වන ලද අතර, ඒ සඳහා යුද්ධ හමුදා රෝහල නියෝජනය කරමින් පැමිණි මනෝවෛද්‍ය මේජර් විශ්මිකා ද සිල්වා සහ ජාතික පිළිකා මර්ධන මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෛද්‍ය කැලුමි ලීලාරත්න මහත්මියද සහභාගි විය. සුවිශේෂි විනෝදාස්වාදාත්මත වැඩසටහනකින් පසුව නිමා කරන ලද අතර උත්සව අවස්ථාව සඳහා මනුසත් දෙරණ මාධ්‍ය ජාලය මඟින් අනුග්‍රහකත්වය දක්වන ලදී. එම වැඩසටහන් මාලාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එච්එච්කේඑස්එස් හේවගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගි වන ලදී.