Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

17th December 2024 17:12:33 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක කළුඅග්ගල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අනුඛණ්ඩයෙහි නිල කඳවුරු සංචාරයක

ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි විසින් 2024 දෙසැම්බර් මස 17 වන දින කළුඅග්ගල පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අනුඛණ්ඩයෙහි සහ පනාගොඩ පිහිටි විශේෂ ක්‍රියාන්විත සහයක කණ්ඩය වෙත නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අනුඛණ්ඩය භාර නිළධාරිණි මේජර් එස් ඊ කපුගමගේ ශ්‍රිලයුකාබ විසින් කර්නල් සේනාවිධායක පිළිගත් අතර අනුඛණ්ඩයෙහි පාලන කටයුතු පිලිබඳව එතුමන් හට පැහැදිලි කරන ලදී. මෙහිදී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න අනුඛණ්ඩය භාර නිළධාරිණි වෙත සිය දැක්ම අවධාරණය කරන ලද අතර අනුඛණ්ඩය නඟා සිටුවීමට සහ සෑම අතින්ම එහි අභිමානය පවත්වා ගැනීමට භට පිරිස් සඳහා අවශ්‍ය පුහුණුව, විනය, කඳවුරු ආරක්‍ෂාව පිළිබඳව මූලික අවදානය යොමු කළ යුතු බවට අවැසි උපදෙස් තවදුරටත් ලබා දෙන ලදි.

ඉන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් පනාගොඩ පිහිටි විශේෂ ක්‍රියාන්විත සහයක කණ්ඩයෙහි භට පිරිස් ආමන්ත්‍රණය කරන ලදී. එහිදී එතුමන් ඔවුන්ගේ පුහුණුවේ වැදගත්කම පැහැදිලි කරන ලද අතර, එම කණ්ඩායමේ භට පිරිස්වල පුහුණුව වැඩිදියුණු කිරීමට අවැසි උපදෙස් ලබාදෙන ලදී. තවද,තම රාජකාරිය ඉටු කිරීමේදී යුද්ධ හමුදාවේ සහ කාන්තා බලකායේ ගෞරවය මෙන්ම සෙබළිය ලෙස තම පුද්ගලික විනය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව අවධාරණය කරන ලදී. තවද එතුමන් විසින් විශේෂ ක්‍රියාන්විත සහයක කණ්ඩයෙහි නිලධාරීන්ට ඔවුන්ගේ වර්තමාන ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක , නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක,මානි I(භකාස)සහ ප්‍රමානි II ඇතුළු රෙජිමේන්තු සැරයන් මේජර්වරිය සහභාගි වූහ.