14th October 2024 14:35:54 Hours
පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සිය 45 වන සංවත්සරය 2024 සැප්තැම්බර් මස 01 වන දින 1 ශ්‍රීලයුකාබ ඒකකයේ දී ඉතාමත් අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඉතිහාසයට පෞඪත්වයක් එක් කරමින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙහිදී ඊට සමඟාමීව ඒකකයට සෙත්පතා ආශිර්වාදාත්මක බෝධි පූජාවක් 2024 අගෝස්තු මස 29 වන දින පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිළධාරිණි මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය ප්‍රධානත්වයෙන් සියලුම නිලධාරිනීන් සහ සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් භට පිරිස් සඳහා ධර්ම දේශනාවක් පවත්වමින් බෝධි පූජාවක් පවත්වන ලද අතර, මියගිය රණවිරුවන් සඳහා පිං අනුමෝදන් කිරීම සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ආශිර්වාද කරන ලදී.
සංවත්සරයට සමගාමීව පැවැති උත්සව මාලාවේ වැදගත් අවස්ථාවක් ලෙස, 2024 සැප්තැම්බර් මස 01 වන දින, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණී මේජර් ඊ එම් එච් සී ද සේරම් පීඑස්සී ශ්‍රීලයුකාබ ඡ්‍යෙෂ්ඨ නිලධාරිතුමිය වෙත සම්මාන මුරයක් පිළිගන්වා පසුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ උදාර වීරවරියන් වෙනුවෙන් පුෂ්පෝහාර දක්වන ලදී.
මෙම සුවිශේෂී දිනය සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සමූහ ඡායාරූපයට පෙනී සිටීමෙන් අනතුරුව, 1 ශ්‍රීලයුකාබ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහන සාර්ථකව නිමා කරන ලදී. සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් විය. යුද්ධයේදී මියගිය අභීත රණවීරවරියන් දෙදෙනා සිහිකර සමරු ඵලකයක් ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත පිරිනැමිණි. අනතුරුව එම ඒකකය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කළ, ක්‍රීඩා කුසලතා ලබා ගත්, විශිෂ්ඨ ලෙස පාඨමාලා හැදෑරූ සෙබළියන් හට ත්‍යාග පිරි නැමීමක් සිදුකරන ලදී. සංවත්සර දින වැඩසටහන අවසානය සනිටුහන් කරමින් සියලු නිලයන් සඳහා දිවා ආහාර වේලක් ලබාදෙන ලදී.