Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st August 2024 17:29:14 Hours

ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම අති සාර්ථකව රෙම ශ්‍රීලයුකාබ හිදී පවත්වන ළදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුලි මස 26 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදුලා කස්තුරිමුදලි මැතිණිය ඇතුළු විධායක කමිටුවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරිමෙන් අනතුරුව වාරෂික මහා සභා රැස්විමේ ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

මෙහිදී “හැඟීම් සහ හැඟීම් පාලනය කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගන්නේ කෙසේද” යන තේමාව යටතේ, මේජර් එස් වී ආර් ඒ ද සිල්වා ශ්රීලයුපොදුසේබ ජ්යේෂ්ඨ නිලධාරිණි විසින් හමුදා සහ පවුල් ජීවිතය සමතුලිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු ඇතුළත් පුළුල් දේශනයක් පවත්වන ලදී.

ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය විසින් මෙම මහා සභා රැස්වීමේදී රණවිරුවන්ගේ සහා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාදනය උදෙසා සිදුකරන ලද සහ ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති කටයුතුවලට අදාල කරුණු ගැඹුරින් සාකච්ඡා කරන ලද අතර, ගරු සභාපතිණී උඳුලා කස්තුරිමුදලි මැතිණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සේවා වනිතා ශාඛාවේ වත්මන් සභාපතිණිය ලෙස සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කල පසු සේවා වනිතා ශාඛාව මගින් මෙතෙක් දියත් කරන ලද සුභසාධන ව්‍යාපෘති පිළිබඳව සැකසුනු කෙටි වීඩීයෝ පටයක්ද, මෙහිදී සභාවාරය සඳහා රැස්ව සිටින පිරිසට දැකබලා ගැනීමට අවස්ථාව සැලසීය.

තවද ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘතීන් පිළිබඳව සභාපතිණිය වැඩිදුරටත් සිය අවධානය යොමුකල අතර, ඒ සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ නව යෝජනා හා අදහස් විමසා බලා සාකච්ඡා කරන ලදි. මෙම වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව සේවා වනිතා ශාඛාවේ තවත් එක් සමාජ සත්කාරයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණියගේ සංකල්පයක් හා දායකත්වය මත රෙම ශ්‍රීලයුකාබ සහ 1 ශ්‍රීලයුකාබ යටතේ රාජකාරී නියුතු සෙනීන් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත උපැස් යුවල් පරිත්‍යාග්‍ය කිරීමක්ද සිදුකරන ලදී.