Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

16th June 2024 09:40:59 Hours

3(සෙව්)ශ්‍රිලයුකාබ හි නවතමයෙන් ඉදිකරන ලද පුස්ථකාලය විවෘත කෙරේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ මඟපෙන්වීම මත 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිනි මේජර් එච්එච්එච් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ අධික්ෂණය යටතේ පොත් කියවීමේ පුරුද්ද ඇති කිරිම සදහා සියලුම නිලයන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහයෝගය හා දායකත්වය මත 3 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව පුස්තකාලය 2024 ජුනි මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.