Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

19th June 2024 19:34:45 Hours

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව පුස්ථකාලය විවෘත කිරිම

සියළු නිළයින්ගේ කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරිම සදහා නව පුස්ථකාලයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන උදුලා කස්තුරිමුදලි මැතිණිය විසින් 2024 ජුනි 15 වන දින 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිළධාරිණි මේජර් එම්පී සිංහාරගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිණියගේ මග පෙන්විම යටතේ සියළුම නිළධාරිණීන්, සෙසුනිළයින් හා සිවිල් වැසියන් සමග එක් වී සාර්ථකව විවෘත කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වන උදුලා කස්තුරිමුදලි මැතිණිය විසින් වන පුස්ථකාලය විවෘත කර එහි තිබු පොත්පත් නිරික්ෂණය කරන ලදි. ඉන් අනතුරුව එතුමිය විසින් පොත්පත් කියවීමේ ඇති වැදගත්තම පිළිබදව දැනුවත් කර සියළු නිළයින් ආමන්ත්‍රණය කරන ලදි. එම අවස්ථාවේදි උදුලා කස්තුරිමුදලි මැතිණිය විසින් සංකේතාත්මකව නව පුස්ථකාලයට පොත් කට්ටලයක්ද පරිත්‍යාග කරන ලදි.