Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st April 2024 21:06:56 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ තවත් සෙබළියක් වෙත නව නිවසක් ඉදි කර ගැනිම සඳහා අතහිත

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකි ලියනගේ මැතිණියගේ නායකත්වය සහ මඟපෙන්විම මත 3(ස්වේ) ශ්‍රීලයුකාබ ඒකකයට අයත් සෙ/ආර්102328 කාසෙ ලක්මාලි ඩිඑම්එන් යන සෙබළියගේ ඉදිකරමින් පවතින අර්ධ නිවාසයේ ඉතිරි ඉදිකිරිම් කටයුතු සිදු කර ගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රු.450000 ක මුල්‍ය පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලද අතර,මෙම ව්‍යාපෘතිය ආසේමු (නැ) ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය මත සාර්ථකව නිමා කොට එම ඉදි කරන ලද නව නිවස එම පවුල වෙත පවරා දිම 2024 අප්‍රේල් මස 11 වන දින සිදු කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සඳහා කර්නල් සේනාවිධායකගේ ‍සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් අතර ආසේමු (නැ) යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 3(ස්වේ)විජයබාහු පාබල රෙජිමේන්තුව හා 3(ස්වේ) ශ්‍රීලයුකාබ ඒකකයේ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සදහා 3(ස්වේ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ ඒකක අණදෙන නිළධාරිණිය වන මේජර් එච්එච්එච් ද සිල්වා ශ්‍රීලයුකාබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරිණයගේ ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිළධාරිණියන්ද, 3(ස්වේ) ශ්‍රීලයුකාබ ඒකකයේ නිළධාරිණියන් හා සෙසුනිළයින් රැසක් සහභාගි වුහ.