Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

21st April 2024 20:49:11 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 24 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධුරයෙන් නික්ම යන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 24 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධුරයෙන් නික්ම යන ලදී. එම අවස්ථාව වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සමුගැනීමේ උත්සවයක් 2024 අප්‍රේල් 18 වන දින පවත්වන ලද අතර එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළු නිලයන් විසින් එතුමන් වෙත කඳවුරු මුරයක්, සම්මාන මුරයක් සහ සියලු නිල තේපැන් සංග්‍රහයක් ලබා දෙන ලදි.

තවද නික්මයන කර්නල් සේනාවිධායක විසින් සියළු නිලයන් ආමන්ත්‍රණය කල අතර, එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන්ගේ විශිෂ්ඨ සේවය අගයනු වස් සියළු නිලයන් වෙතින් පිදෙන විශේෂ සමරු ඵලකයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව කර්නල් සේනාවිධායකගේ කාර්යාලයේදී කාන්තා බලකායේ සියළුම නිලධාරිණියන් විසින් එතුමන් වෙත සූදානම් කරන ලද විශේෂ සමරු තිළිණය මධ්‍යස්ථාන සේනාවිධායකගේ සුරතින් ප්‍රධානය කල අතර, 3 (ස්වේ) ශ්‍රිලයුකාබහි අණදෙන නිලධාරිණි විසින් නික්මයන ශ්‍රිලයුකාබ සේවාවනිතා ශාඛාවෙහි ගරු සභාපතිණි නයෝමි ගුණරත්න මැතිණිය වෙත සේවාවනිතා ශාඛාව වෙත සිදු කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගයනු වස් සුවිශේෂි තිළිණයක් ප්‍රධානය කරන ලදී.