Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th April 2024 18:08:10 Hours

රෙම ශ්‍රිලයුකාබ සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවය සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ ඒ යටතේ පාලනය වන අනෙකුත් කාත්තා බලකා ඒකකයන්හි රාජකාරියෙහි නියුතු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා දමිල අලුත් අවුරුදු උත්සවයක් 2024 අප්‍රේල් මස 03 වන දින බොරැල්ල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයෙදි පවත්වනු ලැබිය. ආඥාපති ආරක්‍ෂක සේනා මුලස්ථානය(නැගෙනහිර) හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම මත පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණිය සහභාගි විය.

මෙම උත්සවයට සමගාමිව මෙහිදි සිංහල හා දමිල අලුත් අවුරුද්ද නිමිති කොට ගෙන රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ 1 ශ්‍රිලයුකාබ යටතේ රාජකාරි කටයුතු සිදු කරනු ලබන සිවිල් සේවක මහත්ම මහත්මින් සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා සභාපතිතුමියගේ සුරතින් වියළි ආහාර සහ විශේෂ ත්‍යාගයන් ලබා දිම ද සිදු විය.

තවද,උත්සව අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා උප සභාපතිතුමිය ඇතුළු රෙජීමේන්තු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් ඒකකයන්හි භට පිරිස් විශාල පිරිසක් සහභාගි වු අතර මෙම අවුරුදු උත්සවය සඳහා සාම්ප්‍රධායික ක්‍රිඩා හා විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් විය.