Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

19th March 2024 10:54:44 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව 7 ශ්‍රිලයුකාබ සමඟින් එකට එක්ව තවත් සමාජ මෙහෙවරක් දියත් කෙරේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් 2024 මාර්තු මස 16 වන දින වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. එහිදී යා/ඕට්ටගප්පුලම් රෝමන් කතෝලික දෙමළ මිශ්‍ර පාසලෙහි සිසු දරුවන් 30 දෙනෙකු සඳහා පොත්පත් ලිපි ද්‍රව්‍ය හා තවත් අවශ්‍යතා කිහිපයක් ලබා දෙන ලදී

තවද 250 තයියලු දකුණ ප්‍රදේශයේ වැඩිහිටියන් 27 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රධානය කරන ලදී. මෙම අවස්ථාවන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි නයෝමි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර තවද 7 වන ශ්‍රි ලංකා යුදුධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි, සියළුම නිලධාරීන්, සෙසු නිලයන් හා තවත් සිවිල් ආරාධිත මහත්ම මහත්මින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වූහ.