Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

07th March 2024 14:14:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 15 බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමි ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහි දී පවත්වන ලදී.

උත්සව අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මිය සමගින් උප සභාපතිනි ඉදුනිල් විරාජිනී ජයකොඩි මහත්මිය විසින් එම වියළි ආහාර සලාක පාර්සල් ප්‍රථිලාභීන් අතර බෙදා දුන් අතර මෙම පරිත්‍යාගයන් සඳහා ශ්‍රිලයුකාබ සේවාවනිතා ශාඛා සභාපතිනීයගේ මුලික මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ වෙතින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

උත්සව අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි, ජ්‍යෙෂ්ඨ නිලධාරීණියන්, නිලධාරීණියන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.