Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

05th March 2024 07:33:45 Hours

රෙම ශ්‍රිලයුකාබ හි නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධනාගාරය විවෘත කෙරේ

ආඥාපති,ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙශ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ සංකල්පයක් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධනාගාරය 2024 මාර්තු මස 03 වන සෙනසුරාදා දින විවෘත කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි මධ්‍යස්ථාන සේනාවිධායක විසින් මෙම අවස්ථාව සඳහා සපැමිණි කර්නල් සේනාවිධායක පිළිගැනිමෙන් අනතුරුව නවතමයෙන් ඉදිකරන ලද කායවර්ධනාගාරය විවෘත කරන ලද අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් විවිධ ක්‍රීඩා ඉසව්වලින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් සඳහා මුදල් ත්‍යාගයන් පිරිනැමීම කර්නල් සේනාවිධායකගේ සුරතින් සිදු කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සඳහා මුදල් ත්‍යාගයන් ලබාදුන් අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරිණියන් සමඟින් සෙසුනිලයින් රැසක් සහභාගී විය.