Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

19th February 2024 14:04:32 Hours

රෙම ශ්‍රීලයුකාබහි නව දේශණ ශාලාව ඇතුළු රියදුරු සෙනීන්ට හා සිවිල් කාර්ය මණ්ඩලය හට ඉදිකිරීමට නියමිත භඨ නිවාසය සඳහා ශ්‍රීලයුකාබ කර්නල් සේනාවිධායකගේ සුරතින් සුභ මොහොතින් මුල් ගල තබන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයක් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල මහත් අඩුවක්ව පැවති දේශණ ශාලාවක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරියේ නියුතු රියදුරු සෙනීන් හා සිවිල් කාර්ය මණ්ඩලය වෙත නවතමයෙන් ඉදිකිරීමට යෝජිත භඨ නිවාසය සඳහා සුභ මොහොතින් මුල් ගල තැබීම 2024 පෙබරවාරි මස 13 වන අඟහරුවාදා දින ආගමික වතාවත් මධ්‍යයේ බොරැල්ලෙහි පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්/නිලධාරීණීයන්, ඒකකයන්හි අණදෙන නිලධාරිණියන් ඇතුළු සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව පවත්වන ලදි.