Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

09th February 2024 09:09:29 Hours

රෙම ශ්‍රීලයුකාබ සේවා වනිතා ශාඛාව වෙතින් “මානසික සෞඛ්‍යයෙහි ඇති වැදගත්කම” පිළිබඳව දැනුවත් කිරීම සබැඳි තවත් හරවත් දේශණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් “මානසික සෞඛ්‍යයෙහි ඇති වැදගත්කම” සබැඳිව හරවත් දේශණයක් 2024 පෙබරවාරී මස 09 වන සිකුරාදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.

වර්තමානයේ මනෝවිද්‍යා උපදේශකවරියක ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විශ්‍රාමික ලුතිතන් කර්නල් කුමුදිනී අමරසිංහ මුතාලිෆ් ජ්‍යෙෂ්ඨ නිලධාරීණිය විසින් මෙම හරවත් දේශණය මෙහෙයවන ලද අතර, ඒ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1 ශ්‍රීලයුකාබ යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.